දේශීයව සාදන ලද ප්‍ර​ථම ඖෂධය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේදී දියත් කරන ලදී

16th September 2020

ශ්‍රී ලංකාවේ සමස්ත ඖෂධ අවශ්‍යතාවයෙන් සියයට 50 ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩසටහන යටතේ දේශීයව නිපදවන ලද පළමු ඖෂධය මෑතකදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) දියත් කරන ලදී.

මෙම වැඩසටහනේ පළමු අවස්ථාව ලෙස Gabapentin 300mg ඖෂධය නිපදවා ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය සෞඛ්‍ය අංශය රු. බිලියන 14.17 ක් මේ සඳහා වැය කරන අතර​, පෞද්ගලික සෞඛ්‍ය අංශය රුපියල් බිලියන 1.6 ක් මෙම ඖෂධය ආනයනය කිරීමට වැය කරන බව අමාත්‍යාංශ ප්‍රකාශක පවසයි.මේ හරහා මෙම මුදල් ඉතිරි කර ගත හැකිය.

"සති දෙකකට වරක් SPMC විසින් දේශීයව නිපදවන නව ඖෂධයක් ශ්‍රී ලංකා වෙළඳපොළට මුදා හරිනු ඇත. ඖෂධ මිලදී ගැනීමට පෙර සියල්ලන්ම SPMC නාමය පරීක්‍ෂා කළ යුතුය. මෙම වැඩසටහනට GMOA " සහාය ලබා දෙයි.

 දියත් කිරීමේ උත්සව අවස්ථාවේදී, ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා පවස සිටියේ ශ්‍රී ලංකාව වාර්ෂිකව රුපියල් බිලියන 130 ක් ඖෂධ ආනයනය සඳහා  වැය කරන බවත් අරමුදල් වලින් සියයට 75 ක් පෞද්ගලික අංශයෙන් ඖෂධ ලබා ගැනීම සඳහා වැය කරන බවත්‍ ය.